පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ලංකාව ඉවත් කිරීමේ සැලසුමක්
පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.
පොදුරාජ්‍ය මණ්ඩලයේ නීතිවේදීන්, නීති අධ්‍යාපනඥයින් සහ විනිසුරුවරුන්ගේ සංගම් ඒකාබද්ධව එම යෝජනාව ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි රැස්වූ අදාළ සංගම් ඉදිරිපත් කර ඇති යෝජනාවෙන් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ මූලධර්මවලට පටහැනිව කටයුතු කරන බැවින් සාමාජිකත්වය අහෝසි කළ යුතු බවයි.
පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව සඳහා ද එම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.
ඔවුන් පෙන්වා දෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම එම සංවිධානයේ කීර්ති නාමයට හානියක් බවයි.
එසේ වුවද අදාළ සමුළුව මේ වසරේ නොවැම්බර් මාසයේ කොළඹ දී පැවැත්වීමට සියලු පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.
(AD)
No comments