Breaking News

සෞදි වැසියා මෙරට කතුන් දෙදෙනා බේරා ගනියි

සෞදියේ ගෘහ රැකියාවකට ගොස් රැකියා ගිවිසුම උල්ලංඝණය කර සිරගත වූ ලාංකික කාන්තාවන් දෙදෙනෙකු සෞදි රියාල් 22,000ක් ගෙවා නිදහස් කර ගැනීමට එරට වැසියෙකු පියවර ගෙන තිබේ.

සෞදියේ ගෘහ රැකියාවකට ගිය අදාළ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනා රැකියා ස්ථානයේ සිට සෞදියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට පලාවිත්  සිය සේවාස්ථානවල සේවය කිරීමට නොහැකි බව පවසා ඇත.

එහෙත් රැකියාව සම්බන්ධයෙන් ඇතිකර ගත් ගිවිසුම උල්ලංඝණය කිරීමේ ‍චෝදනාව මත ඔවුන් දෙදෙනා සිරගත කර ඇත.

ඉන් පසු එරට වැසියෙකු අදාළ මුදල ගෙවා මෙම ශ්‍රී ලාංකික කාන්තාවන් ‍දෙදෙනා සිරෙන් නිදහස් කර ගැනීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

(LTN)

No comments