බොදු බල සේනාව දෙපිල බෙදේ, පිපිරීමක් අත ළඟ ?
ප‍්‍රධාන නිලධාරීන් කීපදෙනෙකු අතර පවතින මත ගැටුමක් හේතුවෙන් බොදු බල සේනා සංවිධානයේ අභ්‍යන්තර පිපිරීමක් සිදුවෙමින් තිබෙන බව වාර්තා වේ.
සංවිධානයේ අභ්‍යන්තරයේ යම් යම් මත ගැටුම් තිබෙන බව සත්‍යයක් වුවත් බොදු බල සේනා සංවිධානයේ පුපුරා යෑමකට ඉඩ නැති බව මේ සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ සභාපති කිරම විමලජෝති හිමියන්ගෙන් සඳහන් කරති.
වාර්තා වන අන්දමට මේ ගැටුම ආරම්භ වී තිබෙන්නේ සංවිධානයේ සම්බන්ධීකාරක හිමිනමක් හා එහි මාධ්‍ය ප‍්‍රචාරක අතර ය.
තමාගේ භූමිකාව සංවිධානයේ ඇතැම් අය නිවැරැදිව තේරුම් නො ගැනීම හේතුවෙන් යම් අනවබෝධයක් ඇති වී තිබෙන බව එහි මාධ්‍ය ප‍්‍රචාරකවරයා සඳහන් කරයි.
මේ දිනවල ඇමෙරිකාවට වැඩම කර සිටින සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නැවත දිවයිනට වැඩම කිරීමෙන් පසු මේ තත්ත්වය ගැන සාකච්ඡුා කොට සමථයකට පත්කිරීමට හැකි බවටද ඔහු විශ්වාසය පළ කරයි.
(LCN)
Post Comment
No comments