බොදු බල සේනාව ගෑණු හුටපටයකට ගුටි ඇණගනී
බොදු බල සේනා සංවිධානයේ කැඳවුම්කරු විතාරන්දෙණියේ නන්ද හිමියන් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා අතර ගුටි බැට හුවමරුවක් සිදුව ඇතැයි බොදු බල සේනා අභ්‍යන්තර අරංචි මාර්ග සඳහන් කරයි.
ඔවුන් දෙනෙනා අතර මේ ආකාරයේ ගැටුමක් හටගෙන ඇත්තේ බොදු බල සේනා සාමාජිකාවක්ද වන කාන්තාවක් බෙදා ගැනීම සම්බන්ධයෙන් යයිද වාර්තා වන අතර දෙදෙනා අතර පරුෂ වචන හුවමරුවක්ද සිදුව තිබේ.
දැනට දින කිහිපයකට පෙර සිදුව ඇති මෙම ගුටි බැට හුවමාරුවේදී වැඩි වාසිය ශරීරයෙන් උස් මහත් නන්ද හිමියන් විසින් අත්පත් කර ගත්ත්ද උන් වහන්සේගේ සිවුර ගලවා බිම දමන්නට ඩිලන්ත විතානගේ සමත්ව ඇත. නන්ද හිමියන්ගේ පහරවලින් වැඩි හානි සිදුව ඇති ඩිලන්ත විතානගේ ශරීර අභ්‍යන්තර තැළුම් සඳහා දැනටද ප‍්‍රතිකාර කරන බව සඳහන්ය.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීමට දෙදෙනාගෙන් කිසිවකුත් කටයුතු කර නැති අතර ගැටුමේදී ඇති වූ තුවාල සහ තැළුම් සඳහා පුද්ගලික වෛද්‍යවරුන්ගෙන් හොර රහසේ ප‍්‍රතිකාර කරගෙන ඇතැයිද සඳහන්ය.
(LCN)
No comments