බොදු බල සේනා උතුර ආක්‍රමණයට සැරසේ!
බොදු බල සේනා සංවිධානයේ ශාඛාවක් ලගදීම යාපනයේ ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් එම සංවිධානයේ විධායක කමිටු සාමාජික දිලන්ත විතානගේ මහතා ගෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී ඔහු කියා සිටියේ, සිංහල හා දෙමල ප්‍රජාව අතර සුහදතාවය හා විශ්වාසය ඇති කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහන් මාලාවක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට තම සංවිධානය බලාපොරොත්තු වන බවත්, එහි පියවරක් ලෙස බොදු බල සේනා ශාඛා කාර්යාලයක් යාපනයේ ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇති බවත්ය.
''විශ්වාසා පරමා ඥාති '' යන තේමාව යටතේ ක්‍රියාත්මක වන එම සමාජ ඒකාබද්ධ වැඩ සටහනේ මුලික සාකච්ජාවක් ලබන බ්‍රහස්පතින්දා කොළඹදී පැවැත්වෙන බවත්, ඒ සඳහා උතුරේ නියෝජිත පිරිසක් ද සහභාගී වීමට නියමිත බවත් විතානගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
උපුටාගැනීම : ලංකා මිරර්
No comments