ඇමරිකාවේ සැබෑ බෞද්ධයෝ බේබදු වන්දනාව වර්ජනය කරති: සෙනග පෙන්වීමට අන්‍ය ආගමිකයෝ කැඳවති:
(ලංකා ඊ නිව්ස් -2013.අප්‍රේල්.15, ප.ව.10.30)
'බේබද්දං සරණං ගච්ඡාමි' කී ලොස් ඇන්ජලීස් තකතීරුවන් හඳුනාගන්න-----
ශ්‍රේෂ්ඨ බුදු දහමට නිගා දෙමින් ආරක්ෂක අමාත්‍යාංශයේ රහසිගත අරමුදල් යටතේ පවත්වාගෙන යන බුදු බල සේනා නම් අන්ත ජාතිවාදී මිනීමරු සංවිධානයේ නායකයා වන විවෘත අධිකරණයේ දී තමා බේබද්දෙක් බව පිළිගත් ගලගොඩ අත්තේ ඥානසාර නම් දුස්සීල භික්ෂුව මේ දිනවල ඇමරිකාවේ අධිරාජ්‍යවාදී හාම්පුතුන් සමග නිදි වැදීමට ගොස් තිබේ.
මේ දුස්සීල බේබදු අයිආර්සී කාරයා ඇමරිකාවේ පන්සල් කිහිපයට යන බව ප්‍රසිද්ධ කළද එරට වෙසෙන බුද්ධිමත් ශ්‍රී ලාංකික සැබෑ බෞද්ධයෝ විශාල පිරිසක් මෙවැනි බේබදු දුස්සීලයෙක් තමන්ගේ පන්සල් වලට වැද්ද නොගන්නා මෙන් ඒ ඒ පන්සල් වල භික්ෂූන්ට පවසා තිබේ. ගෙන්වා ගන්නවා නම් තමන් පන්සල වර්ජනය කරන බවද බුද්ධිමත් සැබෑ බෞද්ධයෝ ස්ථීරවම පවසා ඇත.
එසේ තිබියදී ආරක්ෂක අමාත්‍යාංශයේ රහසිගත අරමුදලින් තමන්ටත් කීයක් හෝ ලබා ගැනීමේ අරමුණින් සමහර පන්සල් මේ දුස්සීල බේබද්දා කැඳවා පූජා පැවැත්වීමට ඉඩ දී තිබේ.
ලොස් ඇන්ජලීස්හි ශ්‍රී රතන බෞද්ධ මධ්‍යස්ථානයට ඥානසාර නම් දුස්සීල බේබද්දා ඊයේ (14) පැමිණි අතර බහුතර බෞද්ධයන් නොපැමිණීම නිසා සෙනග පෙන්වීමට අන්‍ය ආගමික පිරිස් කැඳවා ගැනීමට සිදුවිය. මෙහි දැක්වෙන සේයාරුවකින් දැක්වෙන්නේ වන්දනාවට වාඩි වී සිටින 11 දෙනෙකුගෙන් 6 දෙනෙකුම වැඳගෙන නොමැති බවයි. ඉන් ඔප්පු වන්නේ ඔවුන් අන්‍ය ආගමික පිරිස් වන අතර සෙනග පෙන්වීමට කැඳවා ගත් අය බවයි.
ඒ අතර ලොස් ඇන්ජලීස්හි තකතීරු මෝඩයන් සුළු පිරිසක් ද බේබදු අයිආර්සී කාරයා වන්දනාවට පැමිණ සිටියේ උත්තරීතර බුදු දහමටත් නිගා දෙමිනි. බේබද්දා පන්සිල් දෙද්දී සුරාමේරය සිල්පදය කීවා දැයි දන්නේ නැත. බුදුන් වහන්සේගේ කාලයේදී ද දේවදත්තයාගෙන් බණ ඇසූ අඥාන රැලක් ජීවත් වූ බව පත පොතේ සඳහන් වේ. රට ඇමරිකාව වුවද අඥානයාට මොලේ දිය නොහැකි බව පසක් කරමින් බේබදු අයිආර්සී කාරයන්ට වඳින ලොස් ඇන්ජලීස් මෝඩයන් පිරිසෙන් කොටසක් මෙහි ඇති සේයාරූ වල දැක්වේ.
(ලංකා ඊ නිව්ස් ලොස් ඇන්ජලීස් වාර්තාකරු විසිනි)
No comments