Breaking News

සාලි හිර කිරීම ගැන ගෝඨා කියන ගොන් කතා : Lanka E News

946307_518233334908503_724012477_nජාතික සමගි පෙරමුණේ නායක ආසාද් සාලි මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත්තේ වෙනත් කිසිවක් නිසා නොව ඔහු ගෝඨාභය රාජපක්ෂට අභියෝග කිරීම නිසා ඇතිකර ගත් වෛරයෙන් බව ඔහුගේම කතා තුලින් තහවුරු වේ.
ගෝඨාභය ඊයේ සහ අද මේ සම්බන්ධයෙන් පුවත් පත් දෙකකටම පවසා තිබුනේ ඉන්දියාවේදී සඟරාවකට ඔහු විසින් කරන ලද ප්‍රකාශයක් නිසා අන්තවාදීන් ආයුධ අතට ගැනීමට පොළඹවා ලු බවයි.
සති දෙකකට වරක් තමිල්නාඩුවේ පළ වන 'ජූනියර් විකතාන්' නම් සඟරාවේ අප්‍රේල් 24 දා කලාපයේ සාලි මහතා විසින් කරන ලදැයි කියන එම ප්‍රකාශය පළ වූයේ මෙසේය. "මුස්ලිම් ජනතාවට දිගින් දිගටම රජය හිරිහැර කරන්නේ නම් පෙරදී ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ආයුධ අතට ගත්තා සේම මුස්ලිම් ජනතාවත් ආයුධ අතට ගත යුතුය" යි ඔහු සඳහන් කළ බව එහි වාර්තා විය. පසුව අසාද් සාලි මහතා තමාගේ ප්‍රකාශය වැරදියට වාර්තා කර ඇතැයි එම සඟරාවට ලිඛිතව දැනුම් දුන්නේ "මුස්ලිම් ජනතාවත් ආයුධ අතට ගත යුතුය" ලෙස තමා නොකී බවත් "මුස්ලිම් ජනතාවට දිගින් දිගටම රජය හිරිහැර කරන්නේ නම් දෙමළ ජනතාව ආයුධ අතට ගත්තා සේ මුස්ලිම් ජනතාවත් ආයුධ අතට ගැනීමට ඉඩ තිඛෙන බවත් ඊට ඉඩ නොදීමේ වගකීම ඇත්තේ රජය සතුව" යැයි කී බවත් ය. ඒ අනුව "ජූනියර් විකතාන්" සඟරාවේ ඊලඟ කලාපය වූ මැයි 04 දා කලාපයේ එම නිවැරදි කිරීම පළ කර තිබිණ.
තමිල්නාඩු සඟරාවේ පළවූ පෙර ප්‍රකාශය අනුව අත් අඩංගුවට ගත්තා නම් එම සඟරාවම ඊළඟට එය නිවැරදි කිරීම පිලිනොගන්නේ ඇයි දැයි ගෝඨා කියන්නේ නැත.
රජය දිගින් දිගටම සුළු ජාතීන්ට හිරිහැර කරන්නේ නම් මුස්ලිම් ජනතාව පමණක් නොව දෙමළ ජනතාවද යළි ආයුධ අතට ගනීවි යැයි කියන්නේ සාලි මහතා පමණක් නොව ජිනීවා සමුළුවේදී ජාත්‍යන්තරය පවා කීවේ එයයි. එල්එල්ආර්සී යෝජනා ක්‍රියාත්මක නොකළහොත් යළි යුද්ධයකට ඇදී යාවි යයි කියන්නේ එයයි. එපමණක් නොව විරුද්ධ පක්ෂ මෙලෙස මර්දනය කරන්නේ නම් සිංහල ජනතාව පවා ආයුධ අතට ගන්නවා නිසැකය. මෙලෙස අනතුරු ඇඟවීම් ත්‍රස්තවාදයට උඩගෙඩි දීමක් යැයි කියන්නේ ගෝඨාභය වැනි මොළේ අර්ශස් කාරයන් පමණය.
"අසාද්සාලිට කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් වැනි කෙනෙකු වීමට බැහැ. එවැනි ප්‍රභාකරන්ලා බිහිවීමට හෝ බිහිකිරීමට මා කිසි විටෙකත් ඉඩ තබන්නේ නැහැ. අසාද්සාලි අත්අඩංගුවට ගැනීම ගැන කිඹුල් කඳුළු හලන උදවිය ගැනත් අපි හොඳින් දන්නවා" යි ගෝඨාභය අද තවත් පුවත් පතකට නියම ගොන් කතාවක් කියා තිබේ. පිලිගත් දේශපාලන පක්ෂයක නායකයෙක් ත්‍රස්තවාදියෙක්ද? රාජපක්ෂලාගේ පක්ෂයෙන් ඡන්දය ඉල්ලද්දී ත්‍රස්තවාදියෙක් නොවූ සාලි විපක්ෂය සමග එක්වූ සැණින් ප්‍රභාකරන් වැනි ත්‍රස්තවාදියෙක් වූයේ කෙසේද? ප්‍රභාකරන් බිහිවීමද සුරංගනා කතාවක සිද්ධියක් නොවන අතර ඊට අතීතයේ රට පාලනය කළ සියළු ආණ්ඩු වග කිය යුතු බව දේශපාලනයේ අංශ=මාත්‍රයක් හෝ දන්නා සෑම කෙනෙක්ම පිළිගනිද්දී යාන්තම් අපොස සා.පෙල පමණක් සමත් නූගතෙක් වන ගෝඨාභය මෙවැනි මෝඩ චූන් කතාවක් කීම අරුමයක් නොවේ. අයියා සහ මල්ලී එක්වී යළි යුද්ධයක් ඇති වීමට අවශ්‍ය දේශපාලන පොහොර සපයමින් මෝඩ චූන් වීර කතා කීමෙන් පළක් නොවේ.
මෙහි වැදගත් දේ වන්නේ ප්‍රභාකරන් බිහිවී වසර 30 ක් ඇදුනු යුද්දයෙන් හරියට බාගයකටත් වැඩි කාලයක් එනම් වසර 16 ක්ම ගෝඨා යුද්දයට බියේ රට පැන ගොස් සිටීමයි. රට පැන යෑමට පෙර දා පැවැති සමුගැනීමේ පාටියේදී ගෝඨා කීවේ "යුද්දයෙන් දැන් මැරෙන්නේ සාජන්ට් ලා විතරයි. ඉස්සරහදී මේජර්ලා කර්නල් ලා මැරෙන කාලයක් එනවා. ඊට පෙර මං රට පනිනවා" කියා ය. අයියා ජනාධිපති වන තුරුම වසර 16 ටම එක දිනක් හෝ ලංකාවට නොපැමිණි බියගුළු ගෝඨා ජෙනරාල් ෆොන්සේකා සහ පිරිවර යුද්ද කිරීමෙන් පසුව 'ගෝඨාස් වෝ' කියමින් අනුන්ගේ වැඩ වලට ලකුණු දමාගෙන අද වීර කතා දොඩවයි. යුද්දයේදී ගෝඨා සැලසුම් කළ එකදු යුද මෙහෙයුමක් හෝ නැත. ඔහු කෙළේ ආයුධ සහ ගුවන් යානා ගෙන්වීමෙන් කොමිස් ගසා කෑම පමණි. ඒවා හෙලිකළ ලසන්ත වික්‍රමතුංග වැනි කර්තෘ වරුන් ඝාතනය කෙරෙව්වා පමණි. මේවා හීනමානයෙන් පෙලෙන නූගත් මිනිසුන්ගේ පම්පෝරි කතා ය.
දුෂ්ඨ මිනීමරු රෙජීමයකට එරෙහිව නැගෙන ජනතා රැල්ල මර්දනය කිරීමෙන් වළකා ගත හැකි යයි ඕනෑම ඒකාධිපතියෙක් සිතාගෙන සිටී. නමුත් අවසානයේ ඔවුන්ට කුණු කානු වල සැඟවී හෝ පණ බේරා ගැනීමට නොහැකි වනවා යන්න ලෝක යථාර්තයයි. එය රාජපක්ෂලාටත් පොදුය.

(ලංකා ඊ නිව්ස් -2013.මැයි.08, ප.ව.2.30)

No comments