Breaking News

බොදු බල සේනාව දෙමළ ඩයස්පෝරාව හමුවුනා – නෝර්වේ

nor-boduබොදුබල සේනා සංවිධානය සහ දෙමළ ඩයස්පෝරාව අතර හමුවක් නෝර්වේ රාජ්‍යයේදී සුදුවී බවත් ඒ හමුව සූදානම් කිරීම තමන් විසින් සූදානම් කල බවත් කොළඹ පිහිටි නෝර්වේ තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ සම්පූර්න සිංහල පරිවර්තනය මෙසේය.

බොදු බල සේනා සංවිදානයට මූල්‍ය සංකල්පමය හෝ කිසිදුම අකාරයේ දැනමුතු කම්  ලබා දුන් බවට නැගෙන චෝදනාව නෝර්වේ රජය තරයේ ප්‍රතික්ෂේප කරසිටී . ආගම් අතර පවතින සහජීවනය හා සබදතාවය විනාශ වන ආකාරයෙන් කටයුතු කරන කිසිදුම සංවිදානයකට ලංකාව තුලදී හෝ ලොව වෙනත් රටකදී හෝ කිසිදුම තත්වයක් යටතේ දී නොර්වේ රජය සහාය  නොදක්වයි . ලංකාව තුල අද සිදුවන මුස්ලිම් විරෝදී ප්‍රකාශ හා ක්‍රියාකාරකම් පිලිබදව අප දැඩි ලෙස අවදානයෙන් සිටී ..තානපති කාර්‍යාලය විසින් මෙම පනිවිඩය මුස්ලිම් ආගමික නායකයන්ට අනෙකුත් ආගමික නයකයන්ට හා රජයේ නිලදාරීන් හට දැනුම් දී ඇත .

නෝවීජියානු විදේශ  ප්‍රතිපත්තියේ ඉතා වැදගත අංගයකි . කිසියම් පුද්ගලයකු හෝ සංවිදානයක ප්‍රතිපත්ති හා වැඩපිලිවෙල සමග අප එකග නොවුනත් නෝවීජියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් ඔවුන්හා සංවාද කරනු ඇතිමුත් එම සංවිදාන වල ක්‍රියාකාරකම් සදහා එකග වීමක් හෝ උදවු කිරීමක් සිදු නොකරයි . මෙමගින් අප රටේ දේශපාලනය පිලිබදව අවබෝදයක් ලබා ගනී.

ආගමික නායකයන් සාමය හා සංහිදියාව ඇතිකිරීමේ මද්‍යස්ත බලවේගය වන අතර ඒ සදහා ඔනැම සමාජය ක්  තුල ඔවුන් මහගු කාර්‍යබාරයක් ඉටුකරන බව අපගේ විශ්වාසයයි . ඉතාමත්ම වැරදි සහගත ලෙස ත්‍රස්තවාදීන් ලෙස අර්තදැක්වීමනිසා සංවේගයට හා ඉච්ජාභංගත්වයට පත්වසිටින මුස්ලිම් වරුන් හට විවිද රටවල් තුලදී හා කලපයන් තුලදී මේ පිලිබද සංවාද හා විවිද වියාපෘතීන් සදහා දකුනු ආසියාවේදී හා මැද පෙරදිග කලාපයේ දී නොර්වේ රජය ඔවුන්හට සහාය දක්වා ඇත.

විවිද ආගමික නායකයන් සමග කරන සංවාද මාලාව  අතරේ දී නොර්වේ තානපති තුමිය විසින් පූජ්‍ය ගලගොඩත්තේ ඥාණසාරහිමියන් හට හමුවකට ආරදනා කරන ලදී . ආගමික සාදාරනත්වය පිලිබදව බරපතල පණිවුඩයක් දීමට මෙම හමුව අවස්තාවක් වුණා .මෙම හමුව අතරතුරදී පූජ්‍ය ඥාණසාර හිමියන් ලංකාව තුල සිදුවන මුස්ලිම් ක්‍රියා කරකම් පිලිබදව බරපතල අදහස් කීපයක් ඉදිරිපත් කරන ලදී .  වර්ග වාදී හෝ ආගමික ආතතියක් සමාජය තුල ඇති වන ලෙස තම බස හසුරු වීමෙන් වලකින  ලෙස තානාපතිතුමිය ඉතා බැගෑපත්ව පූජ්‍ය ඥාණසාර හිම්‍යන්ගෙන් ඉල්ලා සිටියා ..වසර 30 ක ගැටුමකට මුහුනදුන් ලාංකිකයන් තවත් ගැටුමකට නැගී නොසිටිනු ඇති බව , මෙම හමුවීමේ මුලික පණිවුඩය බවට පත්විය .

කොලබ හමුවට සම්බන්දයකින් තොරව  ඊට පොරොත්තුව  2011 වසරේදී පූජ්‍ය ඥාණසාර හිමියන් නොර්වේ සංචරයක යෙදී ඇත . මෙම සංචාරය උන්වහන්සේ බොදුබල සේනා සංවිදානය සමග සම්බන්ද වීමට පෙර සිදු වී ඇත .  සැබැවින්ම බොදු බල සේනා සංවිදාන පිලිබදව හුදු අවබෝදයක් තනපති කාර්‍යාලයට නොතිබුනි . නෝර්වීජියානු සාමය ගොඩනැංවීමේ සම්පත් මද්‍යස්තාන Norwegian Peacebuilding Resource Centre (NOREF) විසින් මෙම සංචාරය සංවිදානය කල අතර සිංහල පුද්ගලයන් 08ගෙන් යුත් කන්ඩායමකට ආරාදනා කරන ලදී . මොවුන්ගෙන් 05 දෙනෙකු ලංකාවේ ඉතා ජනාදරයට පත් හිමිවරු වු අතර ඔවුන් 2011 / ඔක්තෝම්බර් / 20 – 26 දින වලදී නොර්වේ දෙමල ඩයස්පොරාව හමුවන ලදී .

මෙම කන්ඩයමට පහත සාමාජිකයන් ඇතුලත්විය.

1. පූජ්‍ය ගලගොඩත්තේ ඥාණසාර හිමි

2. පූජ්‍ය අලුත් වැව ආනන්ද හිමි

3. පූජ්‍ය දාපනේ  සුමනවන්ස හිමි

4. පූජ්‍ය වැලිමඩ ශාන්ත හිමි

5. පූජ්‍ය විතරන්දෙනියේ නන්ද හිමි

6. ඩිලන්ත විතනගේ මහතා

7. පූජිත විජේසිංහ මහතා

8. මාර්ක් ඇන්ටනී පෙරේරා මහතා

මේම සංචරය සංවිදානය කිරීම ව්ර්ල්ඩ්වීවු ජාත්‍යන්තර පදනමේ  Worldview International Foundation (WIF) අරමුන අනුව සිදු විය .  ජාතික ගැටලුව හා ඒ ආෂ්රිතව ගොඩනැගී ඇති අර්බුද වලට පොදු ප්‍රතිපත්තිමය විසදුමක් දෙමල ඩයස්පොරාව සමග ඇතිකර ගැනීමේ හැකියාව සොයා බැලීමේ  අරමුනින් පූජ්‍ය ගලගොඩත්තේ ඥාණසාර හිමියන් 2011 අප්‍රෙල් මාසයේදී වර්ල්ඩ් වීවු ජාත්‍යනතර පදනම  Worldview International Foundation (WIF) සමග  සම්බන්දතාවයක් ගොඩනංවා ගෙන ඇත . විචක්ෂණ සැලසුම් වලට අනුව Norwegian Peacebuilding Resource Centre (NOREF) සංන්විදානය සමග හවුල්කාරීත්වයෙන් ඔක්තොම්බර් 20 – 26 කාලයතුලදී සමගි සන්දාන සමුලුවක් නෝර්වේ හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කරනලදී . අඛණ්ඩ සංවදයන් ඔස්ලෝ වලදී පැවත්වුනි .

2012 වසරේ දීද නොර්ඩික් ජත්‍යන්තර අරමුදලේ අනුග්‍රහයෙන් ලංකාවේ සමගි සංදාන වැඩසටහන් සදහා නොර්වේ විදේශ කටයුතු අමාත්‍යංශය උදවු උපකාර ලබාදී ඇත . සියලුම ජාතීන්ට හා ආගම් වලට අයත් කන්ඩායම් සමගි සන්දාන ක්‍රියාවලිය සදහා ඉතා ශක්තිමත් ලෙස දායක කර ගැනීම මෙහි අරමුනයි.  යථායෝග්‍ය අයුරින්  මෙම වැඩ සටහන් සදහා සහාය ලබාදීම නෝවීජියානු උපකාරය විය .

2009 වසරේ යුද ගැටුම් අවසනයත් සමග නොර්වේ තනාපති අංශ ලංකා රජය විපක්ෂය සිංහල දෙමල හා මුස්ලිම් නායකයන් සමග මෙන්ම සිවිල් සමාජය සමග නොකැලැල් සබදතාවයක් ගොඩනංවා ගෙන ඇත.

22 එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් සමුලු වේ නොර්වේ නිවේදනයේදි පවා අප කියා සිටියේ ආගමික කණ්ඩායම් අතර නොරිස්සුම් කාරී තත්වයක් ඇති නොවන අයුරින් ඔවුන් අමතා තිසසර සහජීවනයක් ලගාකර ගැනීම ස්තිර කර ගත යුතු බවයි .

මේ සම්බන්ධයෙන් නෝර්වේ තානාපති කාර්යාලයෙන් නිකුත් කර ඇති නිවේදනයක් මෙතනින්

පරිවර්තනය – අරුණ විතාරණ

No comments