මැයි දිනයේදී විපක්ෂයේ නැගිටීම ගැන මරා කලබල වෙයි: විපක්ෂ දේශපාලන නායකයන් දඩයම අරඹයි: අසාත් සාලි රහස් පොලිසියෙන් උස්සයි
(ලංකා ඊ නිව්ස් -2013.මැයි.02, ප.ව.12.15)
මැයි දිනයේදී විපක්ෂයෙන් පිබිදීම ගැන කලබල වී ඇති ඒකාධිපති මරා පසුදාම විරුද්ධදේශපාලනඥයන් දඩයම් කිරීම අරඹා තිබේ.
ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල පාර්ශව කරුවෙකු වන ජාතික සමගි පෙරමුණේ මහ ලේකම් අසාත් සාලි මහතා රහස් පොලිසිය විසින් අද(02) උදේ අත් අඩංගුවට ගෙන තිබේ. ඔහුව අත් අඩංගුවට ගන්නා ලද්දේ කොලොන්නාවේ පිහිටි ඔහුගේ නිවසේ දී ය. ඔහුට එරෙහිව පැමිණිලි රැසක් ලැබී ඇතැයි රහස් පොලිසිය කීවද පැමිණිලි මොනවාදැයි හෙළි කළේ නැත.
පසුගිය 27 වෙනි දා ද සාලි මහතා අත් අඩංගුවට ගැනීමට රහස් පොලිසිය පැමිණියද එම අවස්ථාවේ ඔහු නිවසේ නොසිටියෙන් 29 දා උදේ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රහස් පොලිසියට පැමිණෙන්නැයි ලිඛිතවය පණිවුඩයක් තබා ගොස් තිබිණ.
පසුගිය කොළඹ නගර සභා මැතිවරණයේදී රාජපක්ෂ ආණ්ඩුවට දහාය දුන් අසාත් සාලි මහතා පසුව ආණ්ඩුවෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට එක්විය. ඔහු අතීතයේදී එක්සත් ජාතික පක්ෂ දේශපාලනඥයෙකු විය.
මරාන්ණ්ඩුව දැඩි ලෙස විවේචනය කරන ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනඥයන්ට මතක හිටින පාඩමක් උගැන්විය යුතු යැයි තම මිනීමරු සොයුරු ගෝඨාභය වෙත මහින්ද රාජපක්ෂ විසින් උපදෙස් දී තිබේ. ඒ අනුව මීට පෙර නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතාව අත් අඩංගුවට ගත්තේ දික්කසාද නඩුවක් පාදක කරගෙන ය.
(Lanka E News)
No comments