Breaking News

අපි බොදු බල සේනාවට ආධාර කලා – නෝර්වේ

nor-boduතම රට විසින් බොදු බල සේනා සංවිධානයට අධාර කල බව ශ‍්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිනි ගේ‍්‍රස් ලෝඩන් මහත්මිය පවසයි.

ඇය මේ අදහස් පල කර ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂ  මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සමඟ පැවති සාකච්චාවකදීය.

කෙසේ වෙතත් තානාපතිනිය එහිදී පවසා ඇත්තේ බොදු බල සේනා සංවිධානය සඳහා තම රට විසින් මුල්‍ය ආධාර ලබා දීමක් සිදු නොවූ බවයි.

‘අපි නිතරම මේ සාමය ඇති කිරීමටයි උපකාර වෙන්නේ. අපි මීට ටික කාලයකට පෙර උන් වහන්සේලාට නෝර්වේ දේශයේ නිල සංචාරයකට ඇරයුම් කලා. ඔවුන් ඒ ඇරයුම පිළිගෙන ආවා. අපි අනිත් අයට වගේ මුදල් දුන්නේ නෑ. අධ්‍යාපන කටයුතු සඳහා ආධාර කලා පමණයි’ යයිද තානාපතිනිය එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් නෝර්වේ තානාපති කාර්යාලයෙන් නිකුත් කර ඇති නිවේදනයක් මෙතනින්

No comments