Breaking News

උන්ගේ හැටිත් – අපේ හැටිත්: චන්ඩාශෝක ධර්මාශෝක වු විට ගැමුණු දුටුගැමුණු විය!

රන්ජන් ප‍්‍රනාන්දු

මෙය නුතන ඉස්ලාමීය ආක‍්‍රමණකාරීත්වයටත්, ඊට එරෙහිවන බොදු බල සේනා වැනි සංවිධාන ගැනත් ලියැවෙන ලිපියකි.

මෙම  ලිපිය කොටස් දෙකකින් යුක්ත වන අතර මෙය පළමු කොටසයි. හලාල් ප‍්‍රශ්නය දැන් විසඳා ඇතැයි සමහරුන්ගේ මතයයි. නමුත් අපේ පරමාර්ථය වුයේ එය නිමිත්තක් කොටගෙන අපේ තරුණ තරුණියන්ට මෙවැනි දෑ විග‍්‍රහ කළ යුත්තේ කෙසේද,  තීරණයක් ගත යුත්තේ කෙසේද යන්න තෝරා බෙිරා දීමයි.

‘උන්’’ යනූවෙන් අදහස් වෙන්නේ බොදු බල සේනා, හෙළ උරුමය, රාවණා බලකාය වැනි සංවිධානයි.

‘‘අපි’’ යන්නෙන් හැඳින්වෙන්නේ ඔවුන්ට එරෙහිව විවෙීචනය කරන උගත් ව්‍යක්ත යැයි කියාගන්නා අනෙක් අයයි. ‘‘අපි’’ ඒකාකාරීව සිරිත් පරිදි අපිට හුරු පුරුදු වචන සෙටි එක භාවිතා කරමින් ඔවුන්ට ජාතිවාදී, මුලධර්මවාදී, ෆැසිස්ටිවාදීල වැනි ලේබල් අලවමින් සිටිමුග හේතු සාධක අනුව දත්ත මෙහෙයවා අලුතින් සිතන්නට බලන්නට වෑයමක් දරණ අයට මෙහි භූමිකාවක් නැතුවා සේය. අන් කටයුතු වලදී විවිධ අදහස් පල කරන විමර්ශනශීලී පත්තර ස`ගරා පවා මෙවැනි ලිපි ‘හරාමි’ කර ඇත.

තමාට හුරු පුරුදු ලේබල් ඔිනෑ තැනක ගැඹුරෙන් නොසිතා, ඔිනෑ අවස්ථාවක පාවිචිචි කිරීමෙි ගතියෙන් මිදෙන්නට මට බලවත් අත්දැකීමක් ලැබුනි. 1989 සහ 1990 වර්ශවල ලංකාව පිළිබඳව ජිනිවා එක්සත් ජාතීන්ගේ මානව හිමිිකමි කොමිසම ආමන්ත‍්‍රණය කිරීමට මට අවස්ථාව ලැබුනි. (1989 දී එවකට තරුණ මන්ත‍්‍රීවරයෙකු සහ මානව හිමිිකමි ක‍්‍රියාධරයෙකුව සිටි දැන් රාජ්‍ය නායක රාජපක්‍ෂ මහතාත් වාසුදේව මහතාත් සම`ග ඇවිත් ලංකා ආණ්ඩුව විවෙිචනය කළ හැටි මතකය. හැබැයි දැන් එසේ යන අය දේශ දෙ‍්‍රා්හින්ය.)  1989 දී කළ ආමන්ත‍්‍රනයෙන් පසුව එහි සිටි ‘අන්තර්ජාතික ක්‍ෂමා සංවිධානය’, පරිසරවෙිදී Greenpeace වැනි සංවිධානවල මිතුරන් සම`ග සුහද කතා බහක යෙදී සිටියදී, 1983 ඇති වු කොළඹ දෙමළ ජනයාව ඝාතනය කිරීම සහ ඔවුන්ගේ ගෙවල් ගිනි තැබීම විස්තර කිරීමට Holocaust යන වචනය කටින් පිටවුනි. එතැන සිටි ප‍්‍රසිද්ධ මහචාර්යවරයෙක් මගෙන් ඇසුවෙි ‘‘කීදෙනෙක් පමණ මැරුණද? තව දෙමළ අය ලංකාවෙි නා නා පෙදෙස්වල ඉන්නවද? ඒ අයව හඹාගෙන ගොස් මරනවද?’’ වැනි ප‍්‍රශ්නයි.

එ් ප‍්‍රශ්න වල හරය තෙරුමි ගත් මම පාවිචිචි කල වචනය වැරදි යැයි ඔහුට කීවෙමිි. ‘‘අපි කවුරුත් වෙලාවකට ගතානුගතිකවයි සිතන්නේ, කථා කරන්නේ. නමුත් ඔබ ව්‍යක්තව ඉංග‍්‍රීසි භාෂාව පරිහරණය කරන කෙනෙක්, එසේ නමි ඒ ප‍්‍රතිභා ශක්තිය ප‍්‍රයෝජනයට ගෙන Holocaust යුදෙවි ජනතාවට භාර දීල ලංකාවෙි සිදු වු දේ විස්තර කිරීමට අලුත් වචනයක් නිර්මාණය කරන්න.’’ ඔහුගේ අවවාදය විය. මම ඔහුට ස්තූති කළෙමි.

මෙසේ අපි පුරුද්දට මෙන් භාවිත කරන වචන ස්වල්පයක් සරලෙන් විග‍්‍රහ කරමු.

‘ෆැසිස්ට්වාදය’ (Fascism) - මුසෝලීන්ගේ නායකත්වයෙන් (1922-1943) ඉතාලියේ බිහිි වු ජාතිවාදී කොමියුනිස්ටි විරෝධී ඒකාධිපතිත්වයේ න්‍යායන් හ`දුන්වන නමයි. අති දක්ෂිනවාදි බලධාරීවාදී වු මොවුන්ට කතෝලික සභාවෙි සහයද ලැබුනි.

‘නට්සිවාදය’ ( Nazism) - ‘ජර්මානු ජාතික සමාජවාදි පක්ෂයේ ’ සාමාජිකයින්ට ව්‍යවහාර කරන වචනයකි.  ජර්මන් ජාතියේ සුපිරි බවද, ඔවුන් ආර්යය වර්ගයක් බවද, යුදෙවිවන් පහත් සත්ත්ව වර්ගයක් හෙයින් යුදෙවි ප‍්‍රශ්නයට ‘අවසාන විසඳුම’  ලෙස ඔවුන්ව මුලිනුපුටා දැමිය යුතුය, වැනි දෑ ඔවුන්ගේ ප‍්‍රතිපත්ති මාලාවෙි අඩංගු විය. මොවුනටද කතෝලික සහ ප්‍රොතෙස්තානු, ක‍්‍රිස්තියානු සභාවලද සහයෝගය නොමඳව ලැබුනි.

( කතෝලික සභාවෙි සමාජ දේශපාලන ප‍්‍රතිපත්තිය වුයේ තමා ජීවත්වන රටෙි රාජ්‍යයට සහයෝගය දැක්විය යුතු බවය. එනයින් ජර්මනියේ වෙසෙන කතෝලිකයින්, එහි තැන් තැන්වල සැ`ගවි සිටින යුදෙවිවන් ගැන තොරතුරු නටිසිවාදීන්ට සපයා දිය යුතු අතර බි‍්‍රතාන්‍යයේ වෙසෙන කතෝලිකයින්ගේ යුතුකම හිටිලර්ට විරුද්ධව යුධ වදින චර්චිල්ගේ රජයට සහයෝගය දීමය. දෙපැත්තම ෂේප්! )

‘සමුල ඝාතනය’ ( Holocaust) - ‘යුදෙවි ප‍්‍රශ්නයට අවසාන විසඳුම’ ලෙස 1939 -1945 දක්වා නාසිවරුන් ගෙන ගිය වැඩ පිළිවෙලට යොදන වචනයයි.  සාගින්නේ, ගෑස් උදුන් වලින් හා වෙඩි තබා මිලියන හයකට වැඩි යුදෙවිවන් මෙසේ මරා දැමුහ.  එයට Genocide කියාත් භාවිතය වෙි. එයින් අර්ථවත් වන්නේ සංවිධානාත්මක වැඩ පිළිවෙලකට අනුව යමි ජාතියක් හෝ මිනිස් වර්ගයක් මුලිනුපුටා දැමීමයි.

‘ඩයස්පෝරාව’ ( Diaspora ) - ඉහත වැඩ සටහනෙන් බෙිරී නා නා රටවලට විසිරී පැතිරී පලාගිය යුදෙවිවන්ට යොදන වචනයකි. උදාහරණයකට, මරණයෙන් බෙීරීමට තම දරුවන් 10,000 ක් යුදෙවි දෙමාපියන් බ‍්‍රිතාන්‍යයට එවන ලදි. යුද්දෙන් පසුව ඔවුන්ගේ දෙමවිපියන්ගේ ඉරණම සොයාගන්නට හැකිවුයේ අතලොස්සකට පමණි.

‘මුලධර්මවාදය’ (Fundamentalism)  - 1800 ගණන් වල අග භාගයේ ඇමරිකන් එක්සත් ජනපදයේ ඇති වු ව්‍යාපාරයකි. කතෝලික සභාව බයිබලය විකෘති කරනවා යැයි චෝදනා කළ අනෙක් ක‍්‍රිස්තියානි කොටස් බයිබලයේ අඩංගු දෑ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සත්‍ය බවත්, ඒවා එලෙසම පිළිගෙන විශ්වාස කළ යුතු බවත් ඔවුන්ගේ මතය විය. නමුත් ඔවුනොවුන් අතර ඇති වු විරසක හේතුවෙන් මුලධර්මවාදී සංවිධාන 300 ට වැඩි ගණනක් එහි ඇති බව සැලකේ.

වචන පිළිබඳව මෙි කෙටි විස්තරය කළේ ‘උන් ’ කවුදැයි විස්තර කිරීමට, කමිමැලි කම අතහැර නි්රමාණශීලීව විශ්ලේෂණය කිරීමට අනුබලයක් ලෙසය. මෙි දිනවල ‘උන්’’ ගැන සිතන විට මගේ මනසට එන්නේ ‘Serious joker’ලා,  ආගමි තගාලා වැනි යෙදුමිය.

පසුගිය කාලයේදීල නා නා අයවලුන් ‘උන්’ ගැන සිතන්නේ කුමක්දැයි සොයා බැලීමට සීමිත ප‍්‍රයන්තයක් දැරුවෙමි. එදිනෙදා සිදාදියේ හමුවන ත‍්‍රීරෝද රියැදුරන්, වෙළඳපොලේ බඩු විකුණන්නන්, වැඩපලවල්වල ඉන්නා තරුණ තරුණියන්, හේතුවාදීන් ඇතු`ඵ උගත් අයගෙන් සහ පිටරටවල සිටින හිත මිතුරන්ගෙන් පවා පහත ප‍්‍රශ්නය ඇසීමිි. මෙි සීමිත ක‍්‍රියාදාමයට ‘සමීක්‍ෂණය’ යන වචනය භාවිත කිරීම වැරදිය.  එය හුදු අදහස් විපරමකිග ඉංග‍්‍රිසියෙන් Straw – poll යැයි හැඳින්වෙ.

මම ඔවුන්ට නැ`ගූ ප‍්‍රශ්නය වුයේල‘‘ඔබ පාෙර් යන විට මුස්ලිමි පල්ලිය අසළ කලබල ගතියක් පෙනේ. කුමක් වෙන්නේ දැයි ඔබ විපරමි කළවිට, ‘‘ ආ අද අර ශරීයා නීතිය අනුව ගෑනු ළමයෙක් හරියට ඇඳගෙන ආවෙි නෑ කියලා කස පහරවල් 10ක් ගහන්න නියම කරලනේ ’’ කෙනෙකු ඔබට කියයි. එවිට ඔබ කුමක් කරයිද?

සියල්ලන්ගේම මුල් පිළිතුර වුයේ,
‘‘මම නමි ඒකට විරුද්ධයි.’’

‘‘ඒ ඔබෙි අදහසනේ, එ්ක බොහොම හොඳයි, නමුත් මම ඇසුවෙ, ඔබ කුමක් කරනවාද කියායි ’’

‘‘මට තනියම මොනවා කරන්න පු`ඵවන්ද? මං කොහොමද එ්ක නවත්තන්නේල මම අසරණයි’’

‘‘ හොඳයි. දැන් ඔබට පේනවා පාර දිගේ ගැන්සියක් එනවා, බෞද්ධ කොඩි ඔසවාගෙන, හාමුදුරුවොත් එක්ක තරුණයො කටිටියක් එනවා,

‘‘ඔය වැඩෙි නවත්තපිය, ඔිවා බැහැ මෙහෙ ’’ කියා කෑ ගහගෙන ඔවුන් එනවා, දැන් ඔබ මොකද කරන්නේ? ’’

මෙතැනදී ලැබුණු පිළිතුරු වල වැදගත් වෙනසක් දුටිමිිග සාමාන්‍ය ජනතාව යැයි සැළකෙන අති බහුතරය දුන් පිිළිතුර වුයේ,

‘‘ආගගමම දැන් තනි නෑනේ, උන් එක්ක එකතු වෙලා කෙක්කෙන් හරි කොක්කෙන් හරි කෙල්ලව බෙිරගන්නවා,’’

‘‘ඒ කියන්නේ ඔබ බොදු බල සේනාවෙි සපෝටර් කෙනෙක්ද?’’ මම ඇසීමී,

‘‘අපොයි නෑග උන් පිස්සු වැඩත් කරනවලු, ඒත් මට මෙි මොහොතෙ ඔින උන්ගේ පෙදිගිරිය දැනගන්න නෙමෙයිනේ, කෙල්ලව බෙිර ගන්නනේ’’

නමුත් මෙලෙස විපරමි කළ දැන උගත් මධ්‍යම පංතිකයන් හා හේතුවාදීන්ගේ පිළිතුරු ඊට වඩා සංකීර්ණ විය, සාමාන්‍ය ජන කොටසගේ සෘජු පිළිතුර ලැබුනේ නුවර එක හේතුවාදියෙකුගෙන් පමණි, සෑහෙන ප‍්‍රමාණයක් අතුරු ප‍්‍රශ්න න`ගා වැඩි විස්තර ඉල්ලු අතර පිළිතුරු දීමටද දිගු කලක් ගත විය. වැඩි දෙනා කීවෙ මොනම හේතුවක් නිසාවත් කොඩි උස්සාගෙන එන එවුන් එක්ක සන්ධාන ගත වීමට ඔවුන්ට බැරි බවය. (‘March separately but strike together ‘ – ‘අපි ස්වාධීනව පෙළගැසෙමු ,නමුත් අවශ්‍ය වු විටක එකතුවී පහර දෙමු’ )යන ප‍්‍රායෝගික න්‍යාය වැඩි දෙනෙක් අසා තිබුනේ නැත. මෙි කියමනෙහි අර්ථය වන්නේ යමි අවස්ථාවන්හීදී තම ප‍්‍රතිවිරෝධියා වැරදි හේතු මත වුවද හරි තීරණයකට ආ හැකි බවත්, එවිට ඔවුන් සම`ග තාවකාලිකව සන්ධාන ගත විය හැකි බවත්ය.

‘‘ ඒ කියන්නේ ඔබෙි සෘජු ප‍්‍රතිපත්තිමය ස්ථාවරය නිසාල අර දුප්පත් කෙල්ල කස පහරට ලක් වෙනවා නේද? ’’

‘‘ ඔවි, ඒත් කරන්න දෙයක් නෑ. උන්ට සපෝ්ර්ටි එක දීලා ඔයිිට වැඩි දේවලුත් වෙන්න පු`ඵවන් ’’ මෙහිදී මාඔි සේතුං ගේ කියමන් දෙකක් සිහියට නැෙ`.

1. ‘‘ඔිනෑම සංකීර්ණ ප‍්‍රශ්නයකදී එහි ඇති හදවත සොයන්න. එය ඉලක්ක කරගෙන එය විසඳීමට යුහුසු`ඵ වන්න.’’ මෙි අවස්ථාවෙිදී ප‍්‍රශ්නයේ හදවත දරුවාව බෙිරා ගැනීමයි. එසේ නොවෙි යැයි කියන්නන් හේතුවාදීන් / මානවවාදීන් / නිවහල් චින්තනවාදීන් තියා, හිතක් පපුවක් ඇති අය ලෙසවත් තැකීමට නොහැක.

2. චීන විප්ලවයේ නායකත්වය යමි අවධියක නගර අතහැර ගැමි ජනතාව සංවිධානය කිරිමට තීරණය කළේය. ඒ තීරණයට මාඔි දුන් අර්ථකතනය නමි ‘‘චිනයේ නගරවල ඉන්නෙ පැහිචිච උගතුන්ය. ඔවුන් කියවා ඇති ලොකු පොත පතේ දත්ත ඔවුන්වම අබිබගාතයන් කොට ඇත. ප‍්‍රඥාවක් ක‍්‍රියාශීලිභාවයක් නැත. ඉඳ හිට හෝ යමක් කළයුතු යැයි සිතා ගෙමිදුලට විත් ගේටිටුව ළ`ග නතර වෙි, ‘මම වමි පැත්තට ඇවිද්දොත් අහවල් පොතේ සඳහන් වෙචිච ඇබැද්දිය සිදුවෙි. ඒ නිසා මම දකුණු පැත්තට ඇවිදිනවා. හපොයි, එතකොට අර අනිත් පොතේ තිබිචච අකරතැබිබට මට මුහුණ දෙන්න සිදු වෙනවා. හරි එහෙනමි මම කෙළින්ම ඇවිදිනවා. ඒක කරන්නත් බෑනේ. ඇයි අහවල් පොතේ තියෙනවනේ කෙළින් යන අයට සිදුවන ආපදාව.’ ඒ නිසා ඔහු ගේටිටුව වසා ගේ ඇතුලට ගොස් තව පොතක් කියවනවා,  පීඩාවෙන් හෙමිබත් වී සිටින ගැමි ජනතාවට මෙි විජ්ජා වලින් වැඩක් නැත. ඔවුන් සොයන්නේ විමුක්තිය කරා යන ප‍්‍රායෝගික විධික‍්‍රමයකි.  අන්න ඒ නායකත්වය ඉල්ලන අයට දෙන්නට අපි ගමට යන්නට තීරණය කළා’’

බොදු බල සේනා සම`ග කිසි අයුරකින් සමිබන්ද විය නොහැකි යැයි කියු හැට ගණන්වල සමාජවාදියෙකුගෙන්, ‘‘ දැන් කාල් මාක්ස් කිවිවා නේද යමි අවස්ථාවන් හීදී, තාවකාලිකව යකත් එක්ක විතරක් නෙමෙයිල උගෙ ආචිචිත් එක්ක උනත් සමිබන්ද වෙන්න මම ලෑස්තියි කියා? ’’ මම ඇසුවෙමි.

‘‘ඒ කාල් මාක්ස්ල මෙි මම’’ ඔහුගේ කෙටි උත්තරයයි.

‘‘ඒ කියන්නේ ඔබ මාක්ස්ටත් වඩා සුපිරි මාක්ස්වාදියෙක්. එවැනි අය ගැන නේද මාක්ස් වෙලාවකදි කිවිවෙි, දෙයියන්ගේ පිහිටෙන් මම නමි මාක්ස්වාදියෙක් නොවෙමි කියා!’’

‘‘උඹට වගේ නෙමෙයි. අපිට ප‍්‍රතිපත්ති කියලා දෙයක් තියෙනවා.’’ ඔහු කීවෙි මඳක් තරහවෙනි.

‘‘ෂා….. ප‍්‍රතිපත්ති!! …වචනෙ අහන්නත් ආසය. මචං අපි ප‍්‍රතිපත්තිමය පංති සටනක් කළා. නමුත් 1964 දී උඹලා පක්ෂෙත් කඩාගෙන වලවි වලට ගාල් උනා. එදා ඉඳන් අද වෙනකන් බිහිවු ආණ්ඩු වලට පක්‍ෂයේ බෝඩි ලෑල්ලත් කෙර් එල්ලගෙන කඩෙි ගිහින් ප‍්‍රතිපත්ති මඩෙි දදා හෝදනවා. සමහරු චෝදනා කරනවා බොදුබල සේනා ආණ්ඩුවෙිම කටිටියක් කියලා. ඔය කුමන්ත‍්‍රණ න්‍යාය වලට මගේ වැඩි කැමැත්තක් නැහැ.  නමුත් උඹ දුන්නේ නමි මම බලාපොරොත්තු වෙචිච උත්තෙර්.’’

හැටගණන් වල මාක්ස්වාදීන් විතර චපල අවස්ථාවාදී කටිටියක් තවත් නැති තරමිය. ලෝකයේ අන් රටවලද මෙි ප‍්‍රවණතාවය අඩු වැඩි වශයෙන් පවතියි. ඔවුන් නොවන්නට මෙවැනි රජයන්ට පැවැත්මක් නැති තරමි යැයි කිව හැක.

‘‘බොදු බල සේනා’’ යන යෙදුම අන්තර්ගතයෙන්ම පරස්පර විරෝධි මනස්ගාත කියමනකි. බෞද්ධයෙකුට මරන්නටවත්, සේනාවක් තබා ගැනීමටවත් නොහැක. නමුත් ඒ පරස්පරය විසඳී දැන් බොහෝ කල්ය. එය කළේ මහා වංශය ලියු මහානාමය. මහානාමගේ අර්ථකතනය අනුවල යුද්ධයේදී තමන්ගේ අතින් මරණයට පත් සතුරන්ගේ ජීවිත ගැන දුටුගැමුණු රජතුමා තුළ ඇති වු චිත්ත වෙිදනාව ගැන ඇසු රහතන් වහන්සේ අට නමක්, රජතුමාගේ හිත සනසමින් කළ දේශනාවල ‘සිංහල/ පුණ්‍ය යුද්ධය ’ පිළිබඳ සංකල්පයේ ආරමිභයයි. ඒ මෙසේය. ‘‘රජතුමනි බිය නොවන්න. තිසරණයෙහි හා පන්සිලෙහි පිහිටි කිසිවෙක් මෙි ලෝකයේ වෙත්නමි ඔවුහු මනුෂ්‍යයෝ වෙති. මෙම කර්මයෙන් ඔබගේ ස්වර්ග මාර්ගයට හානියක්ද නොවෙි. යුදබිමෙහි සිටි උන්ගේ සේනාව අතර ඝාතනය කරන ලද්දේ මිනිස්සු එකහමාරකි. සරණ ශීලයෙහි පිහිටි එකෙකි, අනෙකා පන්සිල්හී පිහිටිියේය. මිත්‍යා දෘෂ්ටි ගත් සෙස්සෝ දුශ්ශීලයෝය. තිරිසනුන් හා සමානයෝය.’’

ඉන්දියාවෙි චන්ඩාශෝක බෞද්ධයෙක් වි, තම හමුදාව විසුරුවා හැර සියපුත් මහින්ද හිමිි ලංකාවට එවා එහි වාසීන් බෞද්ධයන් කළේ ක‍්‍රි. පු. 200 ගණන් වලය. ක‍්‍රි.පු. 100 දී රුහුණේ ගැමුණු කුමරු මෙි දර්ශනය කණපිට හැරවීය. ‘‘මාගේ මෙි ව්‍යායාමය රජ සැප පිණිස නොව බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා’’ යැයි ඔහුගේ යුධ ප‍්‍රකාශය විය. චන්ඩාශෝක ධර්මාශෝක වු විට ගැමුණුල දුටුගැමුණු විය!  එනමි ‘පාණාතිපාතා’ යැයි මුල් සිල් පදයෙන් සමන්විත වු යුධ විරෝධි අහිංසාවාදී බෞද්ධ දර්ශනය ලංකාව තුළ පැවතුනේ අවුරුදු 100 ක් වැනි කෙටි කාලයක් තුළ සේම එම දර්ශනයේ නාමයෙන්ම පළමුවෙන්ම යුද්ධයක් ඇති වුයේද ලංකාවෙිය. ඒ අනුව අදටත් පවතින්නේ ඒ යුද්ධයේ ආනිසංසය. එදා මෙන් අදත් මෙහි සිටිය හැක්කේ එක කටිටියකට පමණි.  අන් අය තිරිසනුන්ය ! ආක‍්‍රමණිකයෝය.

මෙි ලිපි පෙළේ ආරමිභයේ සිට මගේ ස්ථාවරය වුයේ යුදෙවි සමිභවයෙන් ඇති වු ආගමි ජන්මයෙන්ම මිලේචිඡු බවය. බෞද්ධ ජන්මය එයින් ඉඳුරාම වෙනස් වුවත් දැන් ප‍්‍රායෝගිකව ඒ සමිප‍්‍රදාය පිළිගෙන ඇත. ඒ කියන්නේ අපි කවිරුත් එකම කඳවුරකට ගොනු වී ඇති බවය. අපි ඉන්නේ එකම සත්තු වත්තේය. හැබැයි වෙන් වු කූඩු වලය. ඛෙිදවාචකය නමි, කූඩුවල දොර ඇරියොත් එක එකා මරාගෙන එය සමනළ කතා වලින් යුක්ති සහගත කිරීමට අපට හැකිය! එම නිසා අද ඉන්නා ‘සිංහල – බුද්ධාගම’ නමින් ජාතිවාදීල කුලවාදී හා යුධවාදී මිත්‍යාවන්ගෙන් පෙළෙන ජනයාට ප‍්‍රායෝගික වශයෙන් ත‍්‍රිපිටකයකට වඩා මහා වංශය අගනේය. යුධ විරෝධි බුදු හාමුදුරුවන්ට වඩා දුටුගැමුණු අගනේය. යුද කාලයේදී කුප‍්‍රකට චීවර ධාරියෙක් ලියු ගීතයක ‘ත‍්‍රස්තවාදීන් මැරුවම නිවන් දකිනවා’ වැනි වගන්තියක් ඇතුල් වුයේ මෙි මානසිකත්වයෙනි. ඒ ‘‘උන්’’ය.

මෙි ලිපියේ දෙවෙනි කොටසින් ‘අපි’ ගැනත් ස්වයං විවෙිචනයක් කිරීමට වෑයමි කරමු.

ඔබ සැමට සාමයෙන් පිරි අලුත් අවුරුද්දක් වෙිවා!

 

උපුටාගෙනීම : කලම්බො ටෙලි ග්‍රාෆ්

No comments