මං හැංගිලා ඉන්නෙ, ආණ්ඩුව මගෙ පස්සෙන් පන්නනවා – අසාද් සාලි
ආරක්‍ෂක අංශ විසින් තමන් අත්අඩංගුවට ගැනීමේ සැලැස්මක් ඇති බැවින් තමන් සැඟවී සිටින බව දෙමළ මුස්ලිම් ජාතික සන්ධානයේ නායක අසාද් සාලි මහතා පවසයි.
සැගවී සිට පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් අමතමින් ඒ මහතා මෙසේද අදහස් පල කලේය.
‘කාලයක් තිස්සෙ මාව අත්අඩංගුවට ගැනීමේ උත්්සාහයක් තියෙනවා. එස්එම්එස් එක්ක ගැහුව කියනවා, ත‍්‍රස්තවාදීන්ට අනුබල දෙනව කියනවා, අල්කයිඩා කියනවා.. විවිධ නම්වලින් මට චෝදනා කරල විටින් විට මාව අත්අඩංගුවට බලාගෙන ඉන්නව මේ ආණ්ඩුව. අපි හරි දේ කමයි හැමදාම කිවුවෙ. තමුන්නාන්සෙලාම පොරොන්දු වෙච්ච 13 ප්ලස් දෙන්න කියල කියනව. එල්එල්ආර්සී එක ක‍්‍රියාත්මක කරන්න කියල කියනව. අපි එහෙම කියනකොට ආණ්ඩුවට රිදෙනව. ඒ නිසා මොනව හරි කාරණවක් දාල අසාද් සාලිව අත්අඩංගුවට ගන්න ආණ්ඩුව බලනවා. මේ මොහොත් මං දැන් හැංගලා ඉන්නෙ. මගෙ ජීවිතේට ලොකු අනතුරක් තියෙනවා’
No comments