කුරානයට අපහාස කලේ යයි බොදු බල සේනා, රාවණ බලය ලොක්කක් 04කට නඩු
අල්-කුරානයට අපහාස කලේ යයි චෝදනා කරමින් බොදු බල සේනා සහ රාවණ බලය සංවිධානවල ප‍්‍රබලයන් සිවු දෙනෙකුට විරුද්ධව වෙන වෙනම නඩු දැමීමට කටයුතු සූදානම් කර ඇතැයි ජාතික සමගි පෙරමුණේ මහ ලේකම් අසාද් සාලි මහතා පවසයි.
අල්-කුරානයේ ඉගැන්වීම් විකෘති කිරීම, විකෘති කරන ලද එම අදහස් ප‍්‍රචාරය කිරීම, මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් සිංහල ජනතාව තුල ද්වේෂයක් ඇතිකිරීමට කටයුතු කිරීම ඇතුළු කරුණු 06ක් යටතේ බොදු බල සේනා සහ රාවණ බලය සංවිධානවල ජාතික සංවිධායක, ලේකම් ඇතුළු සිවු දෙනෙකුට එරෙහිව ඉදිරි සතියේදී නීතිමය පියවර ගැනීමට තමන් සූදානමින් සිටින්නේ යයිද සාලි මහතා සඳහන් කරයි.
No comments