චීවරධාරීන්ගේ අබෞද්ධ කි්‍රයා ඉහළට: ඊයේ නවක වදය දුන් 18 ක් අත් අඩංගුවට ගනිද්දී ඊයේ තවකෙක් ගහකට නැග ඉල්ලීම් ඉල්ලයි (LTN)
තම අරමුණු මුදුන් පත් කර ගැනීමට ආත්ම ඝාතනයේ යෙදීම, අන්සතු ව්‍යාපාර ස්ථාන වලට පහර දීම, අන්‍ය ආගමික ස්ථානවලට පහර දීම වැනි අබෞද්ධ, විනය විරෝධී, අන්තවාදී, ත්‍රස්තවාදී පිළිවෙත් වලට පෙළඹී ඇති මූලධර්මවාදී චීවරධාරීන් ගිය මග ගනිමින් ඊයේ තවත් චීවරධාරියෙකු තම ඉල්ලීම් ඉටුකරවා ගැනීමට කොල්ලූපිටියේ ගහක් උඩට නැග්ගේය.
ඔහුගේ ඉල්ලීම මඳක් සංවේග ජනක වුවද ඉල්ලීම් ඉටු කරවා ගැනීමට ගන්නා ලද ක්‍රියාමාර්ගය බෞද්ධ භික්ෂුවකට කිසිසේත්ම නොගැලපෙන්නකි.
මැදමූලන රාජපක්ෂලාගේ ගම්පළාත වන හම්බන්තොට නාලන්දාරාමය නම් පන්සලේ විහාරවාසී චීවරධාරියෙකු වන මොහුගේ ඉල්ලීම වූයේ පිළිකා රෝගයකින් පෙළෙන සිය මවට ප්‍රතිකාර ලබා ගැනීමට ආධාරයක් ලබා ගැනීමටත් සිය සොයුරාට රැකියාවක් ලබා ගැනීමටත් මැදමූලන මහින්ද රාජපක්ෂට බල කිරීමයි.
කොල්ලූපිටියේ අරලියගහ මැදුරට ආසන්නයේ පිහිටි ගසක් උඩට නැග ගත් මෙම චීවරධාරියා පසුව පොලිසිය පැමිණ බිමට බස්සවා අරලිය ගහ මැදුරට රැගෙන ගියේ ය.
බුදුන් වහන්සේ දෙසා වදාල ධර්මයෙන් බොහෝ ඈතට ගමන් කරන වත්මන් භික්ෂු වෙස් ගත් චීවරධාරීන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් දිනපතාම ලැඛෙන පුවත් වලින් සැබෑ බෞද්ධයෝ කම්පා වෙති.
ඊයේ වාර්තා වූ පුවතකින් කියැවුනේ මාතර ශ්‍රී සුදර්ශි පිරිවෙනේ දී සිසු භික්ෂු වහන්සේ නමකට තවත් චීවරධාරී සිසුන් 18 දෙනෙකු කුඩ වලින් පහර දෙමින් නවකවදය ලබාදුන් බවකි.
එම චීවරධාරීන් 18 දෙනා පොලිසිය විසින් අත් අඩංගුවට ගත් අතර පසුව ඇප මත නිදහස් කෙරිණ. නවකවදයට ලක්වූයේ දෙවිනුවර, කපුගම, වඳුරුදෙණිය පුරාණ විහාරවාසී පූජ්‍ය අකුරැස්සේ ධම්මපාල නමැති ස්වාමීන් වහන්සේ නමකි. නවකවදයට ලක්වීම නිසා උන්වහන්සේට රෝහල් ගතව ප්‍රතිකාර ලැබීමටද සිදු විය.
චීවරධාරීන්ගේ මෙවන් අබෞද්ධ ක්‍රියා ඉහල ගොස් ඇත්තේ මහනායක හිමිවරුන් ප්‍රමුඛ වගකිවයුත්තන් විසින් බුදුන් වහන්සේගේ සද්ධර්මය අඩංගු ත්‍රිපිටකයෙන් විනය පිටකය පිටමං කර ඇති නිසාදැයි සැබෑ බෞද්ධයන්ට ගැටළුවක් වී ඇත.
No comments