Breaking News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත යුතු කේපී රජ සැප විඳිද්දී අසාද් සාලි අත් අඩංගුවට අරන් – Lanka E News

Azath Salley -  Leader of the Muslim Tamil National Alliance2 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත යුතු කේපී රජ සැප විඳිද්දී අසාද් සාලි අත් අඩංගුවට අරන්:

මෙකෙන් තමයි ආණ්ඩුව පාඩමක් ඉගෙන ගන්නේ -විපක්ෂයේ විරෝධය කුළු ගැන්වේ,

සාලිගෙන් පලිගත්තේ ගෝඨා පට්ට ගැසූ නිසා

(ලංකා ඊ නිව්ස් -2013.මැයි.03, ප.ව.10.30)

ඊයේ රහස් පොලිසිය විසින් ත්‍රස්වාදය වැලැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් අසාද් සාලි මහතා අද සවස හදිසියේම කොළඹ මහ රෝහලේ 55 වන වාට්ටුවට ඇතුලත් කර ඇතැයි වාර්තා වේ. ඒ මහතාගේ දියණිය අද දහවල් පැවැති මාධ්‍ය හමුවකදී හ~මින් කීවේ අත් අඩංගුවේ සිටින සාලි මහතා උදේ බිව් වතුර වීදුරුවකින් පමණක් ජීවත් වන බවත් ඔහු ආහාර ගැනීම වර්ජනය කර ඇති බවත් ය.
'ඒකාබද්ධ විපක්ෂයේ' නායකයෙකු වන ජාතික සමගි පෙරමුණේ මහ ලේකම් අසාත් සාලි මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ත්‍රස්තවාදියෙකු ලෙස සලකා ඉතාමත් අසාධාරණ ලෙස අත් අඩංගුවට ගැනීම විපක්ෂයේ බලවත් දෝෂ දර්ෂණයට මෙන්ම දැඩි විරෝධයට ලක්වී තිබේ.
අසාද් සාලි මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන්ම වැරදි බවත්, ඔහු ත්‍රස්තවාදී ක්‍රියාවකට වැරදි කාරයෙක් නොවන බවත් පාර්ලිමේන්තුවේ විපක්ෂ සංවිධායක ජෝන් අමරතුංග මහතා අද පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකදී පැවසීය. මෙම පනත යටතේ අත් අඩංගුවට ගැනීමට ප්‍රතිපාදන නොමැති බවද අමරතුංග මහතා කීය. අසාද් සාලි මහතා අත් අඩංගුවට ගැනීම හේතුවෙන් මෙම විශේෂ මාධ්‍ය හමුව පැවැත්වීය.
එහිදී කතා කළ ආාචර්ය වික්‍රමබාහු මහතා කීවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙන ආ අවස්ථාවේ තමන් පළමුවෙන්ම අත් අඩංගුවට ගත් අයෙක් බවත් එම පනත ඕනෑම ආකාරයකට අර්ථ ගන්වා ඕනෑම කෙනෙක් අත් අඩංගුවට ගත හැකි බවත් පැවසීය. වැඩ වර්ජනයක් කළත් ත්‍රස්තවාදය යටතේ අත් අඩංගුවට ගත හැකි යයිද ඔහු පැවසීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත යුතු ද~ුවම් කළ යුතු කුමරන් පද්මනාදන් හෙවත් කේපී අද රජ මැදුරු වල සුර සැප විඳිද්දී අසාත් සාලි අත් අඩංගුවට ගෙන ඇතැයි කී හේමකුමාර නානායක්කාර මහතා අසාධාරණයට විරුද්ධව කතා කළ අසාද් සාලිව අත් අඩංගුවට ගැනීමෙන් ආණ්ඩුව අමතක නොවන පාඩමක් ඉගෙන ගන්නා බවට අනතුරු ඇඟවීය.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හෙවත් පීටීඅයි පනත යටතේ අත් අඩංගුවට ගන්නා අයෙකු ආරක්ෂක ලේකම්ගේ අත්සනින් දින 90 ක් යනතුරු රඳවා ගත හැකිය. ඉන් පසුව එය දීර්ඝ කරමින් දිගින් දිගටම රඳවා තබා ගත හැකිය. මේ යටතේ රඳවා ගන්නා අයෙකු බැලිය හැක්කේ එක් අයෙකුට පමණි.
පසුගිය 24 දා අවසන් වරට පැවැත්වූ ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී ද අසාද් සාලි මහතා දැඩි ලෙස ගෝඨාභය විවේචනය කළ නිසා උරණ වූ ගෝඨා අසාද් සාලිට පාඩමක් උගැන්වීමට මෙලෙස අත් අඩංගුවට ගත් බව ආරංචි මාර්ග පවසයි.
"කූරගලට ගිහිල්ලා ගෝඨා හෙලිකොප්ටර් එකෙන් බැහැල අරක කඩන්න මේක කඩන්න කියල පුරා විද්‍යා එකට අණ දෙනව. එයාට මොකක්ද ඇති බලය. එතන නාගරික සංවර්ධනයට අහුවෙනවද? නෑ. කූරගල දේවස්ථානෙ කැඩුව දාට තමයි පාඩමක් ඉගෙන ගන්නෙ. ආණ්ඩුව දින 40 න් වට්ටනවා. පුළුවන්නම් ගෝඨා කරල බලන්න" යි 24 දා අසාද් සාලි මහතා ගෝඨා ගේ බලයට අභියෝග කෙළේය. වැඩි දුරටත් අදහස් දක්වමින් අසාද් සාලි මහතා මෙසේද කීය.
"ආරක්ෂක ලේකම් යනව දයා මාස්ටර්ට අ~ගහන්න ඡන්දෙට එන්න. ඒ ගොල්ලො කොටි නෙමෙයිද? මං අහනව රාවණාගෙන් බොදු බලෙන් ඒ කොටි නෙමෙයි ද කියල. කොටි ගෙනල්ල නියෝජ්‍ය සභාපති කම් දෙනව. දයා මාස්ටර්ට චන්දෙට අ~ගහනව. තව ටික දවසකින් දයා මාස්ටර්ගෙ ගෑණිවත් ගෙනෙයි. මේව කරන්න ගෝඨා ට තියෙන අයිතිය මොකක්ද? එයා නිකම් අමාත්‍යාංශයක ලේකම් කෙනෙක් විතරයි. අමාත්‍යාංශ ලේකම් කෙනෙක් දේශපාලනය කරන්නෙ කොහොමද? රැස්වීම් වල කතාකරනවා. මැතිවරණ කැම්පේන් කරනවා. සන්ධානෙ මහ ලේකම්ගෙ වැඩෙත් කරනවා. කවුද මෙයාට මෙහෙම බලයක් දුන්නෙ.? පාර්ලිමේන්තුව ප්‍රශ්න කරන්නෙත් නෑ" ගෝඨාභයට විරුද්ධව කතා කරන්නට බොහෝ වීරයන් බිය වන අවස්ථාවක අසාද් සාලි මහතා බිය නැතිව කතා කෙළේ එලෙසය.

1 comment: