Breaking News

අසාද් සාලි මුස්ලිම් ජාතිය පාවා දුන් ජාතිවාදියෙක් : මුසම්මිල්

Muzammilදෙමළ මුස්ලිම් සන්ධානයේ නායක අසාද් සාලි මහතා උත්සාහ කරනුයේ කෙසේ හෝ සිංහල මුස්ලිම් විරෝධයක් මතුකර තමන්ට නැති වී ගොස් ඇති ඡන්ද පදනම සාදා ගැනීමට යයි කොලඹ නාගරික මන්ත‍්‍රී ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා පවසයි.

ඔහු පවසන්නේ පසුගිය මහ මැතිවරණයේදී ඡන්ද 15,000ක්වත් ගැනීමට නොහැකි වූ අසාද් සාලි මේ උත්සහ කරනුයේ මුස්ලිම් ජාතිකයන්ගේ හැඟීම් අවුස්සා නමක් හදා ගැනීමට යයිද මන්ත‍්‍රිවරයා කියා සිටී.

ආරක්‍ෂක අංශ විසින් අසාද් සාල් අත්අඩංගුවට ගැනීම ඉතා නිවැරදි ක‍්‍රියාවක් බවත් කියා සිටින ඔහු ජාතිවාදය අවුස්සා රට අවුලට පත් කිරීමට උත්සාහ දැරූවෙක් බව ඔප්පු වී ඇතැයිද වැඩි දුරටත් කීවේය.

No comments